රටේ පවතින වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස කම්කරු අමාත්‍යාංශය විසින් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කරයි.
රාජ්‍ය අංශය සම්බන්ධයෙන් ගන්නා තීරණ සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයට කිසිසේත්ම බලපාන්නේ නැති බව අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලවීර සදහන් කළේය.
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පවතින තත්ත්වය සමනය වනතුරු රජයට අවශ්‍ය සහය ලබාදෙන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යංශයේ ලේකම් සඳහන් කළේය.
ආයතනික කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු වැඩපිළිවෙළක් අනුගමනය කරන ලෙස රජය පෞද්ගලික අංශයෙන් මෙලෙස ඉල්ලීමක් කරයි.