මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අපරාධ අධිකරණය අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක්ද වසර 11ක සිරදඬුවමක්ද නියම කරයි.
එම තීන්දුව ලබාදුන්නේ මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුවය.
රජයේ අරමුදලකින් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් යටතේ පසුගිය 2019 වසරේදීත් යමීන් වරදකරු වූ අතර එහිදීත් වසර 5ක සිරදඬුවම් සහ දඩයක් නියම කෙරුණි.