මෙරට අද (02) දිනයේ සිට යළිත් වරක් දිවයින පුරා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කළේය.
මෙරට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මැයි මස 23 වැනි දිනයේ සිට රාත්‍රී කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු වුණේ නැත.
අද දිනයේ සිට ලබන 04 වැනි දින දක්වා රාත්‍රී කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
අද සහ හෙට (03) යන දෙදින තුළ දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙන් පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.