මෙරට වර්තමාන රජය වෙනස් වන තුරු මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන සදහන් කළේය.
සීමිත කැබිනට් මණ්ඩලයකින් යුතු සර්ව පාක්ෂික රජයක් කෙටි කාලයක් සඳහා පිහිටුවීම මේ මොහොතේ පවතින විසඳුම බව මෛත්රීපාල සිරිසේන සදහන් කළේය.
එම සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවනු ලැබූවහොත් ලෝකයේ බොහෝ රටවල් මෙරටට උදව් කරනු ඇති බව මන්ත්රී මෛත්රීපාල සිරිසේන විශ්වාසයයි.
මෙරට රජය කරන හොඳ වැඩවලට තම පක්ෂය සහය ලබාදෙන බව පැවසූ මෛත්රීපාල සිරිසේන විදුලිබල පනතේ යම් යම් ගැටලු තිබූ හෙයින් තමා ඊට පක්ෂව ඡන්දය නොදුන් බව සදහන් කළේය.