මෙරට අඛණ්ඩව 6 වන දිනටත් අද (13) දිනයේ ගැස් බෙදාහැරීමක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරයි.දිවයිනට පැමිණ ඇති ගෑස් නෟකාව මේ දක්වාත් නිදහස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
මෙරට පසුගිය 08 වන දා මෙම නෟකාව දිවයිනට පැමිණි අතර මේ දක්වාත් එය නිදහස් කරගෙන නැත.අද දිනය ද ඇතුලත්ව මෙම නෟකාව සදහා දින 06ක ප්රමාද ගාස්තු ගෙවිය යුතු වේ.
නෟකාවේ ඇති ගෑස් තොගයට ඩොලර් මිලියන 2.5ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් ගෙවිය යුතු බවයි ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.