මෙරට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් බරපතල ලෙස ප්‍රමාද වීම සම්බන්ධව ජපාන රජයට පැමිණිලි කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කරයි.
නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ , මෙම ඉදිකිරීම් සමාගම් තෝරාගනු ලැබුවේ ජපාන රජය විසින් වන අතර ඉදිකිරීම්වල බරපතල ප්‍රමාදයක් පවතින බව සදහන් කරයි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම්වලට සිය බලවත් අප්‍රසාදය ද පළ කර ඇත.වැඩිදුරටත් පැවසුවේ, මෙම ඉදිකිරීම්වලට අදාල කොන්ත්‍රාත් අත්සන් තබනු ලැබුවේ මීට වසර අටකට පමණ පෙර බවයි.මේ දක්වා එහි සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නැති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් හා ඊට අදාළ ගුවන් යානා මෙහෙයුම් පද්ධතිය ද ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර මෙම සමස්ත සංවර්ධන ව්‍යාපෘතියේ වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය දහතුනක් වේ.
ඉදිකිරීම් 2019 දි සහ 2020 දී ආරම්භ කර ඇති අතර එම කොන්ත්‍රාත් ගිවිසුමට අනුව ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පැවතිය යුතු නමුත්, සෑහීමකට පත්වීමට හැකි තරමට එම ඉදිකිරීම් මේ දක්වා සිදු වී නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙම දෙවන පර්යන්තය වර්තමානයේ පවතින ගුවන්තොටුපොළ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද එම මුල් සැලැස්මට පරිබාහිරව එහි ආරක්ෂක පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම ඉදිකිරීම් සමාගමේ උදාසීන තත්ත්වය සහ ඉන්ධන අර්බුදය මෙයට බලපෑවත් එකඟ වූ දිනයට කොන්ත්‍රාත් කටයුතු අවසන් කිරීම කොන්ත්‍රාත්කරුගේ වගකීම බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරයි.
අමාත්‍යවරයා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ,
අතුරු කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේ දී බරපතල අක්‍රමිකතා සිදුවී ඇති අතර නුසුදුසු අතුරු කොන්ත්‍රාත්කරුවන්ට එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තු භාර දීම ද මෙම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු අඩාල වීමට හේතු වී ඇති බැවින් එම අතුරු කොන්ත්‍රාත්කරුවන් පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙසටයි.