එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම එළඹෙන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හෙට (05) සිට අවස්ථාව සලසාදී ඇති බව සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සදහන් කරයි.
එළඹෙන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවද මැතිවරණ කොමිෂන් සභාව සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සදහන් කරයි.