සල්ලි නෑ සතුන්ට කෑම දෙන්න.සතුන් වනාන්තර වලට මුදාහරී.

මෙරට දෙහිවල සත්වෝද්‍යානයට ඉදිරියේදී ආහාර හිගයක් ඇති වුවහොත් වැඩි ගහණයක් සහිත සතුන් අභය භූමි ප්‍රදේශයන්ට මුදාහැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.දරුනු සතුන් නොගැවසෙන අභය භූමි ප්‍රදේශයට මෙම සතුන් මුදා හැරීමට තීරණය කර ඇත.

මෙරට සත්වොද්‍යානය තුළ ප්‍රදර්ශනය සඳහා එක් වර්ගයකින් සතුන් හතරක් පමණක් සිටීම සෑහෙන නිසා වැඩි ගහණනක් සහිත මුවන් මීමින්නන් වැනි සතුන් වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව එලෙස තෝරා දෙන භූමි ප්‍රදේශයට නිදහස් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙරට සත්යොද්‍යානයට ආහාර ලබා දෙන පුද්ගලයන්ට මුදල් ගෙවීමට ද සත්වෝද්‍යානය සතුව මුදල් නොමැති බවත් එනිසා ආහාර සැපයුම්කරුවන් මුදල් ගෙවන තෙක් ආහාර සැපයීම ප්‍රමාද කරන බවත් වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close