මෙරට අද (13) උදෑසන මදුරන්කුලිය නගරයේ ඉන්ධන පෝලිමක් අසළ කාණුවක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී ඇත.
ස්ථානයට පැමිණි පිරිසක් සිදුකළ දැනුම්දීමක් අනුව මදුරන්කුලිය පොලිසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.මෙම මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
එම පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිටත් අදාළ ස්ථානයේම තිබෙන බව වාර්තා වේ. මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.