මෙරට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ 21 වන සංශෝධනයේ දැඩි වෙනස්කම් කිහිපයක් කිරීමෙන් අනතුරුව හෙට (20) දිනයේදී එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
මෙරට පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආණ්ඩුවේ අමාත්‍යවරුන් පිරිසක් සහ විජයදාස රාජපක්ෂ අතර පැවැති සාකච්ජාවකදී මෙම එකගතාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.කෙහෙළිය රඹුක්වැල්ල, ජී.එල්. පීරිස්, රමේෂ් පතිරණ, දිනේෂ් ගුණවර්ධන සහ පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම් සහභාගී වී ඇත.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ කලින් ඉදිරිපත් කර තිබූ 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති රැසක් සංශෝධනය කොට ඇති අතර බලතල රැසක් වත්මන් ජනාධිපතිවරයාගේ කාලසීමාවෙන් පසුව ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ.
රටේ අගමැතිවරයා වෙනස් කිරීමේ බලය, කැබිනට් ඇමැතිවරුන් පත් කිරීම, විෂයයන් පැවරීම, ජනාධිපතිවරයාට අමාත්‍ය ධූර දැරීමේ හැකියාව ආදිය පවතින බව වාර්තා වෙයි.හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නේ මෙසේ සංශෝධනය වූ 21 වන ව්‍යවස්ථාව බව වාර්තා වේ.