ආනයනය කර ඇති ඉන්ධන නෞකා හතරක් ඩොලර් මිලියන 180කට අධික මුදලක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් මේ වන විට දින කිහිපයක සිට කොළඹ පිටත වරායේ නැංගුරම්ලා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
ඩීසල්, පෙට්‍රල් බහාලු නෞකා දෙකක් සහ බොරතෙල් නෞකා දෙකක් මෙලෙස නැංගුරම්ලා ඇති බවත් මෙම නෞකාවන් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නොමැති වීම හේතුවෙන් එම නෞකාවන් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වන බවත් එම ආරංචි මාර්ග වාර්තා කරයි.
නැංගුරම්ලා ඇති නෞකා දෙකෙහි ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000කට අධික තොගයක් ඇති බව ත් බලශක්ති අමාත්‍යංශය මෙම නෞකාවන් දෙක හෝ කඩිනමින් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බව ද වාර්තා වෙයි.
මෙතෙක් ඒ සඳහා මුදල් වෙන් නොකිරීමෙන් ඩීසල් හා පෙට්‍රල් නෞකා දෙකද දින හතරකට අධික කාලයක සිට කොළඹ පිටත වරායේ මෙලෙස නැංගුරම්ලා ඇති බව ද තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.