වී මිල තවත් ඉහළට.

මෙරට වී මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් සහල් වෙළෙඳසල් රැසක් වසා දැමීමට සිදුවී ඇතැයි මරඳගහමුල සහල් වෙළෙන්දෝ සදහන් කළේය.

වී කිලෝවක මිල රුපියල් 150 ඉක්මවා ගොස් ඇති බව මරඳගහමුල සහල් වෙළෙන්දෝ සදහන් කරයි. ඊයේ (06) ඇතැම් ප්‍රදේශවල වී කිලෝවක මිල රුපියල් 180ද ඉක්මවා තිබූ බව වෙළෙන්දෝ සදහන් කළේය.

රට තුළ ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 240 ද ඉක්මවා යන බව මරඳගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් සදහන් කළේය.

ඇතැම් වී තොග රැස් කරන්නන් වී තොග අලෙවි කිරීමද නතර කර ඇතැයි මරඳගහමුල සහල් වෙළෙන්දෝ සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close