සැප්තැම්බර් 20 වැනිදා සිට මාස හයක කාලයක් තුළ නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බව නිලධාරියෙක් සදහන් කළේය.
නිලධාරියෙක් සදහන් කළේ, පළාත් පාලන ආයතන වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල නිල කාලය වසරකින් දීර්ඝ කර ඇති බවත්, ඒවායේ නව නිල කාලය ලබන වසරේ මාර්තු 20 වැනිදා ආරම්භ වන බවය.
මෙරට ඊට පෙර මාස හයක කාලසීමාව තුළ මෙම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාවට බලය ඇති බව සදහන් කළේය.“ඒ කියන්නේ අපි මේ වසරේ සැප්තැම්බර් 20 සහ 2023 මාර්තු 20 අතර දිනයක ඡන්දය පැවැත්විය යුතුයි,” ඔහු සදහන් කළේය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට පෙර ප්‍රකාශ කළේ කුමක් සිදුවුවත් මැතිවරණය කල් නොදමන බවයි.නුදුරේදීම මැතිවරණ නීතියට සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට අමාත්‍යාංශය දැන් සැලසුම් කරමින් සිටී.