කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්නට එරෙහිව කිසිදු පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඒ පළාත් පාලන මැතිවරණ තරග වැදීමට නියමිත අපේක්ෂකයින්ගෙන් ඇප තැන්පතු භාරනොගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබුණේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ,
“එතුමා ලිපියක් නිකුත් කරලා එදිනම නියෝගය ඉල්ලා අස්කරගෙන තියෙනවා. එයින් කිසිදු බලපෑමක් නීතිමය ආකාරයකට වෙලා නෑ. එවැනි වැරදීම් මීට පෙරත් අමාත්‍යාංශ ලේකම්වරු අතින් සිද්ධවෙලා තියෙනවා. ඒකනිසා ඒ තුළින් අගතිගාමී ප්‍රතිඵලයක් වෙලා නැත්නම් ඒ සඳහා නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ක්‍රමවේදයක් නැතිබව තමයි මගේ අදහස.”