තම මුදල් හෝ ගමන් බලපත්‍ර යම් පාර්ශවයකට ලබාදීමට පෙර එම ආයතන වල නිත්‍යානුකුල භාවය පිළිබඳව සැළකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම්දීමක් සිදු කර ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍ර ලාභි විදේශ රැකියා නියෝජිතායතන හා එම ආයතන වෙත ලැබි ඇති රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු සිය වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව තවදුරටත් සදහන් කර සිටී.
රුමේනියාව,ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා ලැබී ඇති බවට අසත්‍ය තොරතුරු විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් වංචනිකව මුදල් ලබාගැනීමට තැත් කරන ජාවරම්කරුවන් පිළිබඳව සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ජනතාව වෙත දන්වා සිටී.