ඉරාජ් වැලිකඩට.. ජනපතිගෙන් අයදී.!

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස සිදුකළ පුද්ගලයෙකු විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සදහා ගායන ශිල්පී ඉරාජ් වීරරත්න අද (27) දින වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණියේය.

අනතුරුව ඉරාජ් වීරරන්න සදහන් කළේ,

“මට විරුද්ධව යූටියුබ් චන්ඩියෙක් පැමිණිල්ලක් දාලා. මගේ කතාව මම කිවුවා. මම විශේෂ හෙළිදරව්වක් කලා පහුගිය දවස්වල මගේ යූටියුබ් නාලිකාවෙන්.

බරපතල චෝදනා ගැන මම ඉල්ලා සිටිනවා පොලීසියෙන් පරීක්ෂණයක් කරන්න. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, ජනාධිපතිතුමනි මේ පිළිබදව පරීක්ෂණයක් කරන්න. මොකද බරපතල චෝදනා රැසක් මම හෙළිකලා.

මේ පුද්ගලයාගේ යූටියුබ් නාලිකාවට ගියොත් දිගින් දිගටම මේ පුද්ගලයා මගේ දෙමාපියන්ට, මේ රටේ ස්වාමීන් වහන්සේලාට නිද්දිත විදිහට අපහාස කරනවා. මේ ගැන විවිධ පාර්ශවවලින් මට තොරතුරු ඇවිල්ලා තියෙනවා. මගේ නාලිකාව හරහා විවිධ දේවල් හෙළිකරලා තියෙනවා.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.