බැතිමතුන් රැගෙන ගිය කැබ් රථයක් පෙරළීමෙන් 08ක් රෝහලේ.!

බැතිමතුන් රැගෙන යන කැබ් රථයක් කතරගම වැඩිහිටිකන්දේ ඉහළමළුව සිට පහළමළුව දක්වා ධාවනය වනවිට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

එම කැබ් රථයේ රියදුරුට සිය රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළකරයි.

එලෙස පෙරළීමෙන් අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක කුඩා දැරියක් සිට ඇති අතර එම කාන්තාවන් පිරිස තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇත.

එම අනතුරින් කැබ් රථයේ රියදුරුට තුවාල සිදුව නොමැති බවත් අනතුරින් තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කරයි.

Loading

RSS