අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇත.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ප්‍රතිඵල ලැබෙන තෙක් තාවකාලික පදනම යටතේ සිසුන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා , සිසුන්ගේ කැමැත්ත සහ පෙන්නුම් කරනා සාධන මට්ටම් අනුව ඉදිරි ජුනි මස 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කර පන්ති ආරම්භ කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන්.
සිසුන් අද්යාපණය ලැබූ පාසල උසස් පෙළ විශය ධාරා සඳහා පන්ති පැවැත්වෙන පාසැලැක්නම් එම පාසලේම සිසුන්ට පන්ති ආරම්භ කර තාවකාලිකව සිසුන් එම පන්තිවලට යොමු කළ යුතු අතර එසේ නොවන හෝ සිසුන් හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා නොමැති පාසල්වල සිසුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත පාසල් පොකුරු තුළ තිබෙන සුදුසු පාසල්වලට තාවකාලිකව අනුයුක්ත කළ යුතුය, ඒ සඳහා හිටපු පාසලෙන් ශිෂ්‍ය කාර්ය දර්ශකය (අස්වීම් සහතිකය) අවශ්‍ය නොවනු ඇත.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වූ පසු විධිමත්ව එම පන්ති ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවත් ඒ වනතෙක් තාවකාලිකව ආරම්භ කරන උසස් පෙළ පන්තිවල 12 ශ්‍රේණියට අදාල විෂය නිර්දේශ ඉගැන්විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.