අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස (23) වනදා සිට පෙබරවාරි මස (17) වනදා දක්වා පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.අමිත් ජයසුන්දර සදහන් කරයි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,200කදී උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි.
එළඹෙන ජනවාරි (17) වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම ඇතුළු සියල්ලම තහනම් කර ඇති බවද සදහන් කරයි.
ඒ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පොස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍යජාල මගින් ප්‍රසිද්ධ කිරීම තහනම් වේ.
කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් එම සියලුම නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවෙකු වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සදහන් කරයි.