අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බව උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක සදහන් කරයි.