උසස් පෙළ සිසුන් දැඩි අවුලකට ඇද දමන රජයේ වැඩපිළිවෙලට විරෝධය.!

අධ්‍යාපන විශේෂඥයන් පවසන්නේ, 2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමට පෙර එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවත් ඒ තුළින් ගුරුවරු මෙන්ම සිසුන්ද දැඩි අපහසුතාවකට පත්වීමට නියමිත බවත් ය.

උසස් පෙළ සිසුන් කණ්ඩායම් දෙකක් මේ වනවිටත් පාසල් තුළ අධ්‍යාපනය ලබනා අතර තවත් ශිෂ්‍ය කණ්ඩායමක් ඇතුළත් කර ගැනීමට ඉඩකඩ ප්‍රමාණවත්ද යන වග සහ ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා ගුරුවරුන් යොදා ගැනීමේ සැලැස්ම පිළිබඳවත් ප්‍රායෝගික ගැටලු පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර තමන් කැමැති උසස් පෙළ විෂය ධාරාවක් තෝරා ගැනීමෙන් පසු දරුවන් අපේක්ෂිත සමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නොලැබී ගියහොත් පාසැල් පද්ධතිය මෙන්ම දරුවන් සහ දෙමාපියන්ද දැඩි අපහසුතාවට පත්විය හැකි බව ඔවුහු පවසති.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්  ස්ටාර්ලින් සඳහන් කළේ ඉහත ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීමට අධ්‍යාපන බලධාරීන් සමත් වන්නේ නම්  මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තම සංගමයේ විරෝධයක් නොමැති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ පන්ති නොපවතින පාසල්වල සිසුන්ට අනුයුක්ත පාසල් ලබා දෙන බව සඳහන් කළත් එහිදී ජනප්‍රිය පාසල්වල  විදුහල්පතිවරුන් වෙනත් පාසල්වලලින් සිසුන් ඇතුළත් කර ගැනීමට මැලිකමක් දක්වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement