රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක් හදිසියේම ගිනි ගනී.!

ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණෙමින් තිබූ නෞකාවක පසුගිය (19) වනදා හදිසියේම හටගත් ගින්න පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සදහන් කරයි.

ගෝආ වෙරළ තීරයට නාවික සැතපුම් 102ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබියදී අදාළ නෞකාවේ ගින්නක් හටගෙන ඇති අතර එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ නෞකා 4ක් සහ හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව වෙරළාරක්ෂක බළකාය සදහන් කරයි.

එම නෞකාවේ අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ඇතුළු කන්ටේනර් 1,154ක් පවතින බවත් ගින්නෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් ඇති අතර සෙසු පිරිස් මුදාගැනීමට ඉන්දීය නාවික හමුදාව කටයුතු කළ බවද වෙරළාරක්ෂක බළකාය සදහන් කරයි.

මෙවැනි නෞකාවක ගින්නක් සම්පූර්ණයෙන් පාලනය කිරීමට දින 3ත් 4ත් අතර කාලයක් ගත වන බවත් අනතුරුදායක ද්‍රව්‍ය ගබඩා කර ඇති කොටසට ගින්නෙන් හානි සිදුවුවහොත් දැවැන්ත ව්‍යසනයක් ඇති විය හැකි බවද වෙරළාරක්ෂක බළකාය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.