පුද්ගලයින් 23 දෙනෙකු රැගත් යාත්‍රාවක් ටියුනීසියානු මුහුදු කලාපයේදී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පුද්ගලයින් යුරෝපය බලා ගමන් කර ඇති අතර අතුරුදන් ඔවුන් සොයා එරට නාවික හමුදාව සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ටියුනීසියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙවැනි යාත්‍රාවක් ගිලී යාමෙන් සුඩාන ජාතිකයන් 13 දෙනෙකු මියගොස් 27 දෙනෙකු අතුරුදන්ව ඇත.
යුරෝපය බලා ගමන් කරන සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන පිටත්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ටියුනීසියාව හැඳින්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.