ඡන්දය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.!

ආර්ථික වශයෙන් රට ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බවත් එයට ප්‍රමුඛතාවය දිය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කර ඇත.

එනිසා IMF සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැති බව ජනාධිපතිවරයා මැතිවරණ කොමිසම සහ ඇමති මණ්ඩලය දැනුම්වත් කර ඇත.

එළඹෙන ජූලි මාසයේ අග වනතෙක් IMF වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close