මේ සතිය ඉතාම තීරණාත්මකයි.. අවුරුදු උදාවට පෙර අනතුරු ඇගවීමක්.!

එළඹෙන සතිය ඉතාම තීරණාත්මක සතියක් බවත් හදිසි අනතුරු හේතුවෙන් විශාල පිරිසක් රෝහල් වලට ඇතුළත් කරන බවද විශේෂඥ ‍වෛද්‍ය සමිත සිරිතුංග සදහන් කරයි.

එම හදිසි අනතුරු හේතුවෙන් මිලියනයකට අධික ප්‍රමාණයක් වසරකට රෝහල් ගතවන බවත් එනිසා ඉතාම පරිස්සමෙන් කටයුතු කිරීම වැදගත් බවද විශේෂඥ ‍වෛද්‍ය සමිත සිරිතුංග සදහන් කරයි.

විශේෂඥ ‍වෛද්‍ය සමිත සිරිතුංග තවදුරටත් සදහන් කළේ,

“මේ කාලය ගත්විට ඇත්තටම සුවිශේෂී කාලයක්. අපේ තියෙන දත්ත අනුව දල වශයෙන් අපි අනතුරු ගැන කථා කළහොත්  ලංකාවේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර සඳහා වැඩිපුරම ඇතුළත් වෙන්නේ අනතුරු නිසා තමයි. එය දල වශයෙන් අවුරුද්දකට මිලියන 1.3ක් විතර වාර්තා වෙනවා.

2020, 2021 වසරේ යම් ප්‍රමාණයක් අනතුරුවල අඩුවීමක් තිබුණා. ඒ කොවිඩ් ගෝලීය අධි වසංගතය නිසා ඇති වුණු විවිධාකාර හේතු නිසා. ඒ වුණාට අපි දකිනවා නැවත වාරයක් එය වැඩිවෙමින් පවතිනවා. කෙසේ වුණත් මේ අවුරුද්ද පුරා තියෙන සමස්ත අනතුරුවලින් අපි දැක්ක දෙයක් තමයි එළඹෙන සතිය.

ඉතාමත් තීරණාත්මක සතියක් වෙනවා. මොකද අපේ දත්තවලට අනුව දැක්ක දේ තමයි මේ සතියේදී මේ කාලසීමාවේ තමයි රජයේ රෝහල්වලට වැඩිපුරම වින්දිතයින් ප්‍රමාණයක් අනතුරුවලින් නේවාසිකව ප්‍රතිකාර ලබන්න රෝහල්වලට පැමිණෙන්නේ.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close