ශ්‍රී ලාංකික කාන්තාවක් අබුඩාබි, බනියාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා සදහන් කරයි.
හදිසි ගින්නෙන් මියගිය ලාංකික කාන්තාව සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු මියගොස් ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා සදහන් කරයි.
පසුගිය 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියක් මෙලෙස මියගොස් ඇති බවත් ඇයගේ අනන්‍යතාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද සදහන් කරයි.