අද (20) දින අලුයම 3.45ට පමණ කොළඹ – හලාවත මාර්ගයේ වෙන්නප්පුව නයිනමඩම ගිංඔය පාලම අසල සිදුවු අනතුරකින් පුද්ගලයින් 10දෙනෙක් තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලීසිය සදහන් කරයි.
ලංගම බස් රථය ලිස්සා ගොස් පාලමේ පැති වැටේ ගැටී අනතුර සිදුව ඇති අතර පැය 2කට පමණ පසු සිමෙන්ති මිශ්‍රණ ප්‍රවාහන රථයක්ද එම ස්ථානයේ දීම ලිස්සා ගොස් බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇත.