බිහිසුණුම රිය අනතුරෙන් විශාල පිරිසක් මරුට.. දින තුනක ශෝක කාලයක්.!

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සෙනගාලයේ සිදුවූ රිය අනතුරකින් 38දෙනෙකු මියගොස් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව (08) විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ එක් මගී බස් රථයක ටයරයක් පිපිරී යාමෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බව බලධාරීයෙකු සඳහන් කරයි.

සෙනගාලයේ ඩකාර් අගනුවරට කිලෝමීටර් 220ක් පමණ දුරින් පිහිටි කෆ්‍රීන් නගරය අසලදී අනතුර සිදුව ඇති අතර බටහිර අප්‍රිකානු රටක මෑතකාලයේ සිදුවූ බිහිසුණුම රිය අනතුර මෙය බවද සදහන් කරයි.

මෙම හදිසි අනතුර හේතුවෙන් අද (09) සිට දින තුනක් ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව ජනාධිපති මැකී සෝල් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close