By unusuma.lk on
(LK time)අද (22) දහවල් අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දිවුරුම්පිටිය වංගුව අසල දී පෞද්ගලික මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් බිහිසුනු අනතුරක් සිදුවිය.
රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අපරික්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතුව බව පොලිස් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
එම අනතුරින් බස් රථ දෙකේ ගමන් ගත් මගීන් 28 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.