ලෝකයේ ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරයි.
ඒ ලංකාවේ ලියාපදිංචි OnmaxDT පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ගිණුම් අටක් මාස හයක කාලයකට වහාම අත්හිටුවන ලෙස දන්වමින් මෙම වාරණ නියෝගය නිකුත් කරයි.
Binance ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ OnmaxDT පුද්ගලික සමාගමේ ආසන්න වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදල් තැන්පත් වී ඇති බවට රහස් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් මත මෙම නියෝගය නිකුත් කරයි.
ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට ශ්‍රී ලංකාවෙන් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වේ.