ශ්‍රේෂ්ඨාධිකරණය රහසිගත තීන්දුව කථානායකවරයාට යොමු කරයි.!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “දණ්ඩ නීති සංග්‍රහය” සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කරයි.

ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් හා ඊට අදාළව ගොනුකළ අතරමැදි පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් පැවති විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මේ බව නිවේදනය කරයි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය ගත්තේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close