සමාජයේ අවදානමට ලක් වී හැකි පවුල් සහ සමෘද්ධි ප්‍රතිලාභීන්ට මෙම ජනවාරියේ සිට රජයෙන් ලබාදීමට නියමිත මුදල් සහනය තවත් මාස පහක් ඉදිරියට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අද (17) දින පැවති කැබිනටි තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ,මේ වසරේ එළඹෙන මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා එම මුදල් සහනය ලබාදීමට නියමිත බවයි.
