රජයෙන් නොමිලේ බිත්තර වී.!

අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා සිදුව ඇති වගා හානි සම්බන්ධයෙන් ගොවීන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විනාශ වූ වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය බීජ හා රසායනික ද්‍රව්‍ය ලබාදීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වහාම නිකුත් කරන බවයි.

ඊට අමතරව, වර්ෂාව හේතුවෙන් හානි වූ වාරිමාර්ග පද්ධති හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහාද ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.

අද දින පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය දැනුම්දුන් අතර, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා කෘෂිකර්ම නිලධාරීන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වහාම කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.