මව සහ සිගිත්තියගේ අමානුෂික ඝාතනයේ තවත් තොරතුරු හෙළිවෙයි.!

අතුරුදන් වූ 24 හැවිරිදි මවගේ සහ මාස 11ක් වයසැති කුඩා සිගිත්තියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි පොලීසිය විසින් සොයාගත්තේය.

මව සහ කුඩා සිගිත්තිය අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන මුදාහැරුණු මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයාගේ ඥාති සොහොයුරා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාවගේ සැමියා රැකියාවට ගොස් පැමිණී⁣මේදී බිරිඳ සහ කුඩා සිගිත්තිය නිවසේ නොමැති විම හේතුවෙන් ඔහු පොලිසියට පැමිණිල්ලක් සිදු කළේය.

පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ සඳහා යොදාගත් නිල සුනඛ බෘෘනෝ එලෙස පලාගොස් සිටින පුද්ගලයාගේ ත්‍රිරෝද රථය අසලට ගොස් නැවතීම හේතුවෙන් පොලීසිය සැකය තවත් වැඩිවිය.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මියගිය මවගේ සහ සිගිත්තියගේ මළ සිරුරු නිවසට මීටර් පන්සීයක් පමණ දුරින් වූ කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගැනීමට හැකිවිය.

එලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ගේ මළ සිරුරු සොයාගන්නා විට එම සිරුරු සතුන් කෑම නිසා විනාශ වී තිබුණ බවද පොලීසිය සදහන් කරයි.

එම තරුණිය සහ සිඟිත්තිය අතුරුදන් වූ දිනයේ එම ඥති පුද්ගලයා සැක කටයුතු යමක් ඔහුගේ ත්‍රී රෝද රථයේ දමාගෙන යන අයුරු දැක්වෙන CCTV රූප රාමුවක ඡායාරූපයක් වාර්තා වන අතර ඔහු සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

Loading

RSS