මාස 11ක පුංචි සිගිත්තිය සමග මව අතුරුදන්.. නිවසේ ලේ පැල්ලම් හමුවෙයි.!

මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමග 24 හැවිරිදි එක්දරු මව අතුරුදන්ව ඇතැයි ඇයගේ සැමියා අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඊයේ (18) පස්වරුවේ සිට සිගිත්තිය සහ මව අතුරුදන්ව ඇති අතර කාන්තාවගේ නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් හමුවු බවද පොලීසිය සදහන් කරයි.

අනතුරුව පොලිස් සොකෝ නිලධාරින් නිවසෙහි වැසිකිළි වළ හා අවට කැලෑබද ප්‍රදේශ පරීක්ෂාවට ලක් කළද ඔවුන් දෙදෙනා හමු නොවුණු බැවින් පොලිසිය මේ වනවිට විමර්ශන පුළුල් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ⁣අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බව අතුරුදන් කාන්තාවගේ සැමියා පොලීසියට පවසා ඇති අතර පොලිසිය විසින් එම පුද්ගලයා සිය භාරයට ගෙන ඇත.

Loading

RSS