අහුන්ගල්ල මිද්දරමුල්ල පදිංචිව සිටි එනාදු තරිඳු ධනුෂ්ක සිල්වා නමැති පුද්ගලයා (14) දින සවස තම සොහොයුරිගේ කුඩා දරුවන් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් ඇත.
අනතුරුව බලපිටිය රෝහලට ඔහු ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ලවිමත් සමග යතුරුපැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවෝ දෙදෙනාද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරුව මෙම ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට සැක කරන යතුරු පැදිය කරන්දෙණිය පොලිස් වසමේ ඇරැව්වල යුද හමුදා බුද්ධි ඒකකය අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබියදි (15) වන දින සවස අහුන්ගල්ල පොලිසිය විසින් සොයා ගත්තේය.
පොලීසිය විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුරටත් නිල සුනඛයින් යොදවා පරික්ෂණ කිරිමේදි නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජමේන්තු කඳවුරට ඇතුලු වී ඇත.
නිල සුනඛයා හමුදා කඳවුර තුලට ඇතුලුවිම නිසා එම කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබලුන්ට නිකුත් කර තිබු ටී.56 ගිනි අවි 36 ක් අද (18) දින පොලිස් බාරයට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි.
අනතුරුව පොලිස් බාරයට ගත් ගිනි අවි 36 බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත.