හදිසියේම කඩා වැටුණු යානය ගැන ගුවන් හමුදාවෙන් දැනුම්දීමක්.!

ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් කඩා වැටුණු PT 6 වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාව 2018 වසරේ මිළදීගත් යානයක් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සදහන් කරයි.

එම PT 6 වර්ගයේ ගුවන් යානයේ ජිව කාලය ගුවන් පැය 4000 ක් වුවද කඩා වැටුන අවස්ථාවේ එහි ගුවන් පැය 850 ට ආසන්න පමණක් සපුරා තිබු බවද මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සදහන් කරයි.

මෙම PT 6 වර්ගයේ ගුවන් යානය අලුත්වැඩියාවක් සදහා යොමුකර එහි තත්ත්ව පරික්ෂාවක් සදහා නැවත ගුවන් ගත කරමින් සිටියදි මෙලෙස කඩා වැටී ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මේ වනවිට මිළදීගෙන ගුවන් හමුදාව භාවිතා කරන PT 6 වර්ගයේ සියලු ගුවන් යානා වසර 2000-2018 අතර කාලය තුළ නිපදවා ඇති ගුවන් යානා බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

හදිසියේම එම PT 6 ගුවන් යානය කඩා වැටීමට හේතුව මේ සම්බන්ධයෙන් සිදුකරන විශේෂ විමර්ශයේදී තවදුරටත් අනාවරණය වනු ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මෙම ගුවන් යානා නිපදවා චීනයේ චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන් හමුදාව වෙත 1985 වසරේ නිපදවා ඇති අතර නිෂ්පාදනය කළ ගුවන් යානා 3000ක් අලෙවි කිරීම සදහා PT 6 නාමය යටතේ අලෙවි කිරීම සිදුකර ඇති බවද සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close