ශ්‍රී ලංකන් සමාගමෙන් නිවේදනයක්.!

පර්යන්ත වල නවතා දමා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා 05 සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.

එයාර් බස් A320 NEO කාණ්ඩයට අයත් එම ගුවන් යානා අමතර කොටස් හිඟය නිසා එසේ නවතා දමා ඇති බවත් ලොවපුරා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බවද එහි සදහන් වේ.

මේ වනවිට මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකන් සමාගම සැපයුම්කරුවන් සමග කටයුතු කරමින් සිටින බවත් එම ගුවන්යානා නවතා දමා ඇත්තේ මූල්‍යමය අර්බුදයක් නිසා නොව අමතර කොටස් සපයා ගැනීමට ඇති දුෂ්කරතාවය නිසා බවද එහි තවදුරටත් සදහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close