නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට යාමේදී හදිසියේම ගුවන් යානයේ ගින්නක් හට ගෙන ඇති බවත් පසුව යානය කඩා වැටි ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කඩා වැටුණු ගුවන් යානයේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු යානයේ සිට ඇති බවත් Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගුවන් යානය කත්මණ්ඩු සිට Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවත් දිවි ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා ඇත.
ගුවන් අනතුරෙන් පසු නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව රජයේ ප්‍රකාශයක් සදහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් යානයක් නේපාලයේදී කඩා වැටීමෙන් දැනට පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් කත්මණ්ඩු අගනුවර සිට පොක්හාරා බලා පියාසර කරමින් තිබියදී මෙම ගුවන් යානය කඩා වැටී ඇත.