කටුනායක ගුවන්තොටුපොළේ නව වෙනසක්.!

කොළඹ කටුනායක ගුවන්තොටුපොළේ පවතින ගුවන් යානා ඉන්ධන ප්‍රශ්නය විසඳීමට නව පියවරක් ගත් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සදහන් කරයි.

පවතින ගුවන් යානා ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 35,000ක් ගබඩා කිරීම සඳහා ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයට ලබාදී ඇතැයිද අමාත්‍යවරයා සදහන් කරයි.

තවද මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ පහසුව සදහා නව වැඩපිළිවෙළක් කටුනායක ගුවන්තොටුපොළේ ආරම්භ කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඒ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුළු 25 ක් දක්වා වැඩි කිරීමටත්, රටට පැමිණෙන වීසා ලබාගැනීම සඳහා පැවැති කවුලු දෙකට අමතරව අලුත් කවුලු දෙකක් ස්ථාපිත කිරීමටද කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close