දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත.
මෙම ගුවන්තොටුපල රටේ ආර්ථිකයට ශක්තියක් කර ගැනීමේ පරමාර්ථයෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති අතර 2024 අයවැයෙන් මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත.
රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය (RAF Minneriya) ලෙස හඳුන්වා ඇති අතර මෙහි ප්‍රථම අදියර යටතේ මීටර් 2287 දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරයි.
අපට අඅඩු වෙලා තිබුණෙ මෙච්චරයි. දැන් ඒකත් හරි. කාල බීල ජොලියෙ ඉන්නයි දැන් තියෙන්නෙ