ප්‍රභූ පර්යන්තයේ නීති දැඩි කරයි.. තරා තිරම නොබලා චෙක් කරන්න පටන් ගනී.!

කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්ත හරහා VIP – VVIP පැමිණෙන සියලුම ප්‍රභූන්ගේ ගමන්මලු දැඩි පරීක්‍ෂාවට ලක් කිරීම ගුවන්තොටුපොළ රේගුව විසින් තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රුපියල් කෝටි 08ක් වටිනා රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් රැගෙන පැමිණී සිද්ධියෙන් පසු රේගු බලධාරීන් විසින් එන සියලුම ප්‍රභූන් පරීක්‍ෂා කිරීමට තීරණය කර ඇත.

මින් ඉදිරියට මෙම පර්යන්තය හරහා පිටව යන සහ පැමිණෙන සියලුම දේශපාලනඥයන්, රාජතාන්ත්‍රික නිලධාරී ඇතුළු සියලුම ප්‍රභූන් ගුවන්තොටුපොළ රේගු නිලධාරින්ගේ දැඩි පරීක්‍ෂාවට ලක් කෙරෙනු ඇති බවද සදහන් කරයි.

මෙම ප්‍රභූ පර්යන්තය හරහා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රභූ පුද්ගලයන් රත්‍රං, මැණික්, මුදල්, මත්ද්‍රව්‍ය යන තහනම් භාණ්ඩ අති විශාල ප්‍රමාණයක් මෙරටට රැගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බවද රේගු බලධාරීන් සදහන් කරයි.

රේගු බලධාරීන් තවදුරටත් සදහන් කළේ, මින් ඉදිරියට මෙම ප්‍රභූ පර්යන්ත හරහා පැමිණෙන සහ පිටව යන ප්‍රභූන් තරා තිරම නොබලා පරීක්‍ෂා කිරීමට තමන්ට රේගු මූලස්ථානයෙන් නියෝග ලැබුණු බවයි.

මෙම පරීක්‍ෂා කිරීම් ආරම්භ කිරීමත් සමගම (23) දින රාත්‍රියේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණි ප්‍රභූ පුද්ගලයකු නීති විරෝධි ආකාරයට රැගෙන ආ විදුලි උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන්ට හැකි වු බවද සදහන් කරයි.

Loading

guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close