කබ්රාල්ට වැඩ වරදී.. අධිචෝදනා පත්‍ර භාරදෙයි.!

අද (10) දින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදී ඇත.

මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුලින් ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළ බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල විය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

අධිකරණය විසින් එම විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවට නියෝග කළේය.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments