By unusuma.lk on
(LK time)ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවක් ලබා දීම සඳහා අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
අජිත් රෝහණ මහතා දැනට නැගෙනහිර පළාත භාරව කටයුතු කරනා අතර ඔහු බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ සැළැස්මක් ඇතයි වාර්තා වේ.
ඊට අමතරව මුදල් විශුද්ධිකරණ ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන පී අම්පාවිල මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමටද නියමිත බව වාර්තා සඳහන් වේ.