අනුරගේ ජීවිතය අවදානම්.. මාලිමාව තහනම් කරන්න සැරසෙයි.!

ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේග පක්ෂ නායකයා වන අනුර කුමාර දිසානායකට ජීවිත අවදානමක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙම අදහස් පල කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්ය.

රටේ විවිධ පාර්ශවයන්, විදෙස් රටවල පාර්ශවයන් සහ ජාතික ජන බලවේගයට කැමති ජනතාව විසින් අනුර දිසානායකට ජීවිත අවදානමක් ඇති බව දැනුම් දුන් බවද සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

එනිසා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අනුර කුමාර දිසානායකට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවද සුනිල් හඳුන්නෙත්ති සදහන් කරයි.

රටේ පසුගිය 1983 වසරේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා මෙන් මෙවරද ජාතික ජන බලවේගයද ඇතැම් විට තහනම් කිරීමට උත්සාහ කරනු ඇති බවට සැකයක් පවතින බවද සුනිල් හඳුන්නෙත්ති සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close