මහනුවර අකුරණ නගරයට ඊයේ (18) දින රාත්‍රියේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.
අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් නැවත දැනුම් දෙන තුරු එහි රැඳී සිටිනු ඇති අතර අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායම් කැඳවීමට සූදානමක් ඇති බවද වාර්තා වේ.
ඒ අද දිනයේ එම නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වනු ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙම ආරක්ෂාව යොදවා ඇත.