උසස් පෙළ විභාග සම්බන්ධයෙන් සිසුන්ට දැනුම්දීමක්.!

අපොස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට අප්‍රේල් 06 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ගෘහ ආර්ථික විද්‍යාව, සංගීතය සහ නාට්‍ය හා රංග කලාව යන විෂයයන් සඳහා මෙම පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම ප්‍රයෝගික පරීක්ෂණ වලට අදාළ ප්‍රවේශ පත්‍ර පාසල් විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයැදුම්කරුවන් වෙත තැපැල් මගින් යවා ඇති බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් ඇතොත් 1911, 0112784208 හෝ 0112784537 යන දුරකථන අංක අමතන ලෙසද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close