අපොස උසස් පෙළ විභාගය විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,200කදී පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් කර ඇත.
උසස් පෙළ විභාග සම්බන්ධයෙන් සිදුවන අක්‍රමිකතා දැනුම්දීමට විශේෂ දුරකථන අංක 05ක් හදුන්වාදීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
- පොලිස් මුලස්ථානය – 011 242 1111
- පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය – 1911
- විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය – 0112 785 211 / 0112 785 212
- පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112 784 208 / 0112 784 537