‘හෙට සුරකින අපේ ළමයි’ යන තේමාව යටතේ ගෑස් භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂණ ක්‍රමවේද පිළිබඳව ඊළඟ පරම්පරව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කරයි.
රට තුළ ගෑස් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වාර්තා වූ ඇතැම් පිපිරීම් සිද්ධීන් පිළිබඳව අවදානය යොමු කර මෙම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව සභාපති මුදිත පීරිස් සදහන් කරයි.
ගෑස් පාවිච්චි කිරීම, අරපිරිමැස්මෙන් භාවත කිරීම සහ ගෑස්වල අඩංගු සංඝටක ආදිය පිළිබඳව රටේ ඊළඟ පරම්පරාවේ උසස් පෙළ දරුවන් දැනුවත් කිරීමට මූලික තරග වට පාසල් 500 ක් පමණ පැවැත්වෙන බව සභාපතිවරයා සදහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රශ්න විචාරාත්මක, විවාද සහ කථික තරගමාලාවක් මේ සම්බන්ධව සංවිධානය කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.