අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු සහභාගී නොවීම පිළිතුරු පත්‍ර ඇගයීම අඩාලවීමට හේතු වූ ප්‍රධාන සාධකය බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.
අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේදී දිනකට ලබාදෙන දීමනාව කම්කරුවෙකුගේ දෛනික වැටුප තරම්වත් නොවීමද කනගාටුදායක කරුණක් බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සදහන් කරයි.
පැවති සාකච්ඡා සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක සදහන් කරයි.